මල් පොකුරක් අතේ තියන් වුණාට ඔබ මනමාලියmal pokurak athee thiyan wunaata oba manamaaliya

Mal Pokurak Athe

Lyrics

මල් පොකුරක් අතේ තියන් වුණාට ඔබ මනමාලිය
පුංචි නංගි අපේ ගෙදර හිටිය එකම හැඩකාරිය
විඳගන්නට බැරි තරමයි අයියට ඔබෙ වෙන්වයාම
අම්මා නැති අපට අම්මා වුණෙත් පුංචි නංගියාය

ගෙදර දොරේ වැඩපලටත් තිස්සෙම කඩිසර පාටයි
කියන කියන දේ අහගෙන දෙන උත්තර කටකාරයි
අබ්බගාත තාත්තාගේ ලඟින් සිටිය හඳපානයි
වාවගන්න බැරි තරමට අපේ කඳුලු දඟකාරයි

මල් පොකුරක් අතේ තියන්......

සුභ නැකතට යන ගමනෙදි නැති බැරිකම් නොපෙනේවා
මේ කටු මැටි බිත්ති හතර මංගල තිළිණය වේවා
දෙපා වඳින විට ඇවිලෙන හද ගින්දර නොදැනේවා
ඔබෙ පෙම් ලොව නිර්මල රතු රෝස මලක් පිබිදේවා

මල් පොකුරක් අතේ තියන්......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.