මල් පිපෙයි දෙනෙත් ඇරෙයිmal pipeyi dheneth aereyi

Mal Pipei Deneth Arei

Music:
ආනන්ද ගමගේaanandha gamagee
Lyrics:
බන්දුල නානායක්කාරවසම්bandhula naanaayakkaarawasam

Lyrics

මල් පිපෙයි දෙනෙත් ඇරෙයි
කථා කියයි හෙමින්
හිරු එබෙයි එලිය දෙයි
කුරුලු ගී ඇසෙයි

රිදී කලේ අරන් උදේ කොහේද යන්නෙ මේ
කොහි සිටන්ද එන්නෙ කවුද මවුපියන් ඔබේ

මල් පිපෙයි දෙනෙත් ඇරෙයි....

දුවන්නෙ කිරි කලෙත් අරන් යන්නෙ විගසිනේ
ගොවියෙකුයි පියා මගේ ඉන්නෙ මේ ගමේ

මල් පිපෙයි දෙනෙත් ඇරෙයි....

බදින්නෙ කොහොම ගොවි දුවක් කුමාරයෙක් නෙ මං
පිය රජුත් මවත් කෙසේ දෙයි මනාපයක්
මල් පිපෙයි දෙනෙත් ඇරෙයි

බදින්න ඔනේ යැයි කියා කවුද ඇහුවෙ දැන්
හිදින්න නෑ වෙලාවකුත් මෙන්න යනව මං

මල් පිපෙයි දෙනෙත් ඇරෙයි

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.