Lyrics
මල් පිබිදෙන එක වසන්ත සමයක
ඔබ හමු වේවි කියා
පෙරුම් පුරා මඟ බලා උනිමි මම
ඇයි තව නාවේ දයා
උදේ රැයින් සිසිල අරන්
මලින් මලට රොන් බඹරු ගියා
මගේ පැතුම් හදේ සිතුම්
එදා සුසුම් වී සිඳිලා ගියා
හදෙහි දයාවිය නොලද ශ්‍රියාවිය
ආදර ලොව අප බිඳිලා ගියා
මල් පිබිදෙන.../
ඔබේ සිනා නෙතින් ගෙනා
මගේ හදේ තුරුලට ගනිමි
මගේ ලොවේ සැදු සුවේ
සසර වසන තුරු මම රකිමි
හදෙහි දයාවිය නොලද ශ්‍රියාවිය
ආදර ලොව අප බිඳිලා ගියා
මල් පිබිදෙන එක වසන්ත සමයක
ඔබ හමු වේවි කියා
පෙරුම් පුරා මඟ බලා උනිමි මම
ඇයි තව නාවේ දයා
ඇයි තව නාවේ දයා
ඇයි තව නාවේ දයා