මල් ඔසරිය දැක්ක දාටmal osariya dhaekka dhaata

Mal Osariya Dakka Data

Lyrics

මල් ඔසරිය දැක්ක දාට
සුදු මැණිිකෙගෙ සොදුරු මුහුණ 
මල් වැට අද්දර ආදර කැලුම් හෙලනවා
නින්දෙන් මා අමතන්නට
සිහිනයකින් පාට පාට
ආදරයට මගේ ලගට එයිද හිතෙනවා

ලස්සන දුනුකේ මලවගෙ මැණිකේ 
දැක්කම උදයේ මගෙ හිත පිරුනේ....//

සමනල් වයසේ සුන්දර ලෝකේ
තාමත් මතකේ තියනවා මැණිකේ 
ඉස්සර දවසේ පුංචිමකාලේ
ගංතෙර අයිනේ සෙල්ලම් කෙරුවේ

ලස්සන දුනුකේ මලවගෙ මැණිකේ 
දැක්කම උදයේ මගෙ හිත පිරුනේ
නිම්නැති ඉලසේ ඔබටයි රහසේ
ලෙන්ගතුකම මේ මගෙ හිත කීවේ...

ඇහැල මහේ නිවාඩුවට
නිසංසලේ සැරිසරන්න
ඔබත් එක්ක මටත් නුවර
යන්න හිතෙනවා
වැවරව්මේ සීත සුළඟ 
හිමිහිට ගත දැවටෙන විට
රැජින හෝටලේ අසලින් යමු
පියනගලා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.