මල් මී වසන්තේmal mii wasanthee

Mal Mee Wasanthe

Lyrics

(මල් මී වසන්තේ - කඳු මාවතේ
පිනි බිඳු තුශාරේ - හමුවී එදා 
නොසිතූ ලෙසේ...//)

විමසූ සඳේ මා - තොරතුරු ඇගේ
නිහඬව සිනා සැලූ - ඈ කවුරුදෝ
මෝහන සිනාවෙන් මා හද බැඳූ  
වන දෙව්ලියක් හෝ - මායාවදෝ
මායාවදෝ..  

මල් මී වසන්තේ - කඳු මාවතේ
පිනි බිඳු තුශාරේ - හමුවී එදා 
නොසිතූ ලෙසේ

කඳුරට දිසාවේ - මිටියාවතේ 
කවුරුත් නොදන්නා - ඈ කවුරුදෝ
අකලංක ප්‍රේමේ - වෙනුවෙන් තමාගේ 
වන දෙව්ලියක් හෝ - මායාවදෝ
මායාවදෝ..  

(මල් මී වසන්තේ - කඳු මාවතේ
පිනි බිඳු තුශාරේ - හමුවී එදා 
නොසිතූ ලෙසේ...//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.