මල් මන්ද හාසසෙන්mal mandha haasasen

Mal Manda Hasen

Lyrics

මල් මන්ද හාසසෙන්ය කීවේ 
වදනින් නොකී ආදරේ
ඇයි දැයි නොතේරේ 
මා මෙලෙස බැඳුනේ
ළඳුනේ ඔබේ ආදරේ//

මේ රෑ සාදයේ 
කී ඒ කතන්දරේ//
රෑ සිහිනයක්ද නොම දැනේ 
කාගෙන් අසන්නදෝ ලඳේ 

මල් මන්ද හාසසෙන්...

මා හා මේ ලෙසේ 
නෑ කවුරුවත් බැඳී මෙසේ//
හේමන්තයයි ගෙවී ගියේ 
එන්නේ වසන්තයයි ද මේ 

මල් මන්ද හාසසෙන්...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.