මල් මදහාස පීදෙනාmal madhahaasa piidhenaa

Mal Madahasa Peedena

Music:
කෙන් ලැපෙන්ken laepen
Lyrics:
චන්ද්‍රදාස ප්‍රනාන්දුchandhradhaasa pranaandhu

Lyrics

මල් මදහාස පීදෙනා 
නිල් නෙතු ඈගෙ වාසනා
සෙනෙහස පෑවා ලංවීලා..
දුටු ඔබ දෑස පෑ සිනා
හද රැදි සෝක වේදනා
සැනෙකින් යාවී හැංගීලා.....

ඇය මගෙ ජීවෙ පෙම් ලෝකෙ
එක මඟ ආවේ සංසාරේ
නිදැල්ලේ සරන්නේ මා හා
වසන්තේ පෙමින් ලංවීලා....

මල් මද හාස පීදෙනා.../

මුව දැක ඈගෙ මල්වාරේ
බඹරුන් ඒවි සංචාරේ
ගයන්නේ රඟන්නේ ඈ හා
බිඟුන්ගේ රුවින් මත් වීලා.....

මල් මද හාස පීදෙනා...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.