මල් කුමාරියක් වාගේ ඔබ සුරූපියක් නොවේmal kumaariyak waagee oba suruupiyak nowee

Mal Kumariyak Wage Oba Suruupiyak Nowe

Lyrics

මල් කුමාරියක් වාගේ
ඔබ සුරූපියක් නොවේ
ඒ වුවත් හදේ සෙනේ
කිසි දිනේ වෙනස් නොවේ //

නුරා නෙතක් නැතේ ඔබ දිහා යොමන්නේ
ඒ නිසාම හදවතේ නැත බියක් නැගෙන්නේ //
දිවිතුරා ඔබේ හදේ මා රැදී සිටින්නේ

මල් කුමාරියක් ....//

පබාවතී වගේ ඔබ රුවින් පිරීනම්
අද ඔබේ ලගින් රැදී මා මෙසේ හිදීදෝ //
සිටු කුමාරයෙක් ඔබේ සිත සොරා නොගයිදෝ 

මල් කුමාරියක් ....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.