මල් කලඹක්mal kalambak

Mal Kalabak

Music:
ප්‍රියන්ත නාවලගේpriyantha naawalagee
Lyrics:
ශෙහාන් ගලහිටියාවshehaan galahitiyaawa

Lyrics

මල් කලඹක් දෑත යාවුණේ සඳ අඟනක් දෑස විහිදුවේ
ඉපනැල්ලේ පා තියා සැනසිල්ලේ පා වෙල‍ා
ඈ ආදරේ මුමුණති මේ ජීවිතේම හිනැහී
ප්‍රියාදරී ඕ... ප්‍රියාදරී...

පිනි යායක් සීත මවමින් පිනි සලනා
මනමාලී හීන මවමින් පෙම විඳිනා
ප්‍රීති ඝෝෂා යාය පීරනා ඕ රුව වෑහෙනා ඇය වාසනා...
සෑහෙනා සනාථ වාසනා කල්පයක් පතාන ගෙනාව විරාගී ආදරේ
රෑ පවා සියාව නෑව‍ෙනා රන් සඳක් හඹාව මවාන ඉඳිවී ජීවිතේ 
පීහි තණ සඳ යායේ යායේ හීනේ අරන් 
තේරුම්ගෙන හීනේ ඇගේ ලෝකේ තරම්
වාරම් ගැයු සිහිනේ ළං වී දැන් 
(හදවත ඒ කතා තේරී දෙනුවන ආදරේ කීවේ
සසරම ළං වෙලා ඉමි හදවත ඉපිලෙනා ගීතයේ...//)

මල් කලඹක්...
(හදවත ඒ කතා තේරී දෙනුවන ආදරේ කීවේ
සසරම ළං වෙලා ඉමි හදවත ඉපිලෙනා ගීතයේ...//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.