මල් කඩාලා මාල ගොතාලාmal kadaalaa maala gothaalaa

Mal Kadala Mala Gothala

Lyrics

මල් කඩාලා මාල ගොතාලා
තරට දමාලා හැඩ බලා
ඇස් වසලා කවද අසලා
කනට කොඳුරා හිනහිලා
හීන ළං කරලා ඈත නොපෙනී ගියා
ආදරේ යළි දැනුනා ඇසට කඳුළැලි දීලා

නොවෙනස් වෙලා ඉන්නම් කියා
මගෙ නළල මත දිවුරලා
අදහන්න බෑ තවම දුන් වේදනා ආදරේ රවටලා
ආල මැඳුරක් තනාලා විරහ සුසුමෙන් දවාලා
ආල මැඳුරක් තනාලා කඳුළු  සුසුමෙන් දවාලා

මල් කඩාලා ....

සිහිසුන් කලා වෙන්වී ඔයා
මගෙ සිහින මට නැති කළා
අදහන්න බෑ තවම දුන් වේදනා ආදරේ රවටලා
ආල මැඳුරක් තනාලා විරහ සුසුමෙන් දවාලා
ආල මැඳුරක් තනාලා කඳුළු  සුසුමෙන් දවාලා

මල් කඩාලා ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.