Lyrics
(මල් හසරැල් සැලෙන ලොවක් - දුල් රසුදැල් අසිරි සලා
සොඳුරු ඉසව්වක්
සිප් කතරක නෙත් දනවන - සිහින දනව්වක්...//)
කතරක් මැද කොතැනක හෝ - කෙම් බිම් යළි හමුවෙනවා
දුක් බර ගෙන යන ගමනේ - හසරැල්ලක් මුසු වෙනවා
කදුළින් සරු වූ උයනේ - මිනිසත් කම් දළුලනවා
මල් හසරැල් සැලෙන ලොවක් - දුල් රසුදැල් අසිරි සලා
සොඳුරු ඉසව්වක්
සිප් කතරක නෙත් දනවන - සිහින දනව්වක්
සිත නෙත් ගති නැති දා ලෝ - කොතැනත් කතරක් වෙනවා
හදවත් පිවිතුරු වූදා - නව කෙම් බිම් බිහි වෙනවා
දෙසිතක් මුසු වූ දැහැනේ - දහසක් මල් පිබිදෙනවා
මල් හසරැල් සැලෙන ලොවක් - දුල් රසුදැල් අසිරි සලා
සොඳුරු ඉසව්වක්
සිප් කතරක නෙත් දනවන - සිහින දනව්වක්