මල් දුන්නෙන් හිත රිදවාmal dhunnen hitha ridhawaa

Mal Dunnen Hitha Ridawa

Lyrics

මල් දුන්නෙන් හිත රිදවා
මගේ හදවත සිදුරු කලා 
ඒ සිදුරෙන් රිංගා 
ඔබ ආදරේ පාට කලා 
හෝ... ජිවිතයට පාට පාටින් 
පාට ගෑවේ ඔයාගේ දෑතින් 
මගේ සතුට වෙනුවෙන් මේ ආදරේ 
ඔයා  නැතුව දැන්නම් මට බෑ තවත් 
ගෙවාගන්න ජිවිතේ මේ ආදරේ... 

හෝ.... ඔයා නැතුව දැන්නම් මට බෑ තවත් 
ගෙවාගන්න ජිවිතේ මේ ආදරේ.. 

පූර්ණ චන්ද් ‍රයා පායලා හිතේ 
ඒ ඔබයි මගේ පෙම්බරා 
ජිවිතේ පුරා සරන මල් සරා 
ඒ ඔබයි මගේ හිතවතා 
ජිවිතේ නෑසු දෙයක් 
කියාලා දුන්නා නම්  
ඉෂි අම්මා ඒ ඔබ තමා 

ඔයා නැතුව දැන්නම් මට බෑ තවත් 
ගෙවාගන්න ජිවිතේ මේ ආදරේ......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.