මහවැලී මහවැලීmahawaelii mahawaelii

Mahaweli Mahaweli

Music:
අමරදේව W Damaradheewa w d
Lyrics:
මහගමසේකරmahagamaseekara

Lyrics

මහවැලී මහවැලී
මහවැලි මහවැලි මහාවැලී...

සිරිපද ලස සමනොළ සිරසේ
සිඹ සිඹ සිහිලස විඳ සොඳසේ
ලෙලී දිලී ගලා බසී
මහවැලි මහවැලි මහාවැලී...

ගිරි කුළු විනිවිද නව මං මතුකොට
නව ලොවකට ඔබ ගලා බසී
අතීත රජ රට සිරිසර ඇසහැර
ඔබ එන තුරු මග බලා හිඳී
මහ වැව් බැඳි පෙර රජ දරුවෝ
ඔබගෙන් යළි නව පණ ලැබුවෝ
ලෙලී දිලී ගලා බසී
මහවැලි මහවැලි මහාවැලී...

සිරි දුව හෙට මෙහි වඩිනා මඟුලට
මග පාදා පියවිලි අතුරා
ඔබ බැස එනු දැක හිනැහෙයි සිරි ලක
අනාගතය කිරි දිය උතුරා...

සිරිපද ලස සමනොළ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.