මහමෙව්නාවේ සමාධිmahamewnaawee samaadhhi

Mahamewnawe Samadhi

Music:
රෝහණ වීරසිංහroohana wiirasinha
Lyrics:
සුනිල් ආරියරත්නsunil aariyarathna

Lyrics

මහමෙව්නාවේ සමාධි බුදු ඇස 
රෑ වට සීතල පින්නෙන් පිරුණිද
නැතිනම් සැබවින් කදුළින් වැසුණිද

පිරිතේ තෙවලා බණ පදයේ
සාදුකාරයේ හඬ මවමින්
අවි ගැවෙනා හඬ රණ දෙරණේ
දෝංකාර දී එයි නැගෙමින්
ඒ අසු බුදු ඇස කදුළින් පිරුණිද
නැතිනම් රෑ වට පින්නෙන් පිරුණිද

හදේ ගලා ගිය මෙත් ගඟුළේ
සීතල දිය රැළි ගල් ගැසෙමින්
නොමිනස්කම් දළු දමා වැඩේ
මිනිසත්භාවය ගිනි තබමින්
ඒ අසු බුදු ඇස කදුළින් පිරුණිද
නැතිනම් රෑ වට පින්නෙන් පිරුණිද

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.