මහළු කොකෙක් (ගමේ පරිසරේ)mahalu kokek (gamee parisaree)

Mahalu Kokek (Game Parisare)

Music:
ආනන්ද වෛද්‍යසේකරaanandha waidhyaseekara
Lyrics:
විකුම්ප්‍රිය පෙරේරාwikumpriya pereeraa

Lyrics

මහළු කොකෙක් වැව ඉස්මත්තේ
දිගට යන්න බලා ඉන්නවා
කුරුළු බබෙක් කෝටු කූඩුවේ
කුසට කන්න බලා ඉන්නවා...

ගමේ පරිසරේ හැමෝටම වැඩ තියේ
ඒත් නිසසලේ සිල් ගත්ත දා වගේ...

තුන් ඉරියෙන් උස අඹ අත්තේ
කහ ගෙඩියට දතක් ගහනවා
අම්බරුවෙක් වෙල ළඟ වත්තේ
කොරෝටුවට හොස්ස දානවා...

ගමේ පරිසරේ...

හෝඩි පුතෙක් පොඩි අඩි පාරේ
පොත් අරගෙන පාසැල් යනවා
ගොවි මහතෙක් අමුණක කුඹුරේ
දිය බැඳලා අස්වද්දනවා...

ගමේ පරිසරේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.