මහද නමැති වන බඹරාmahadha namaethi wana bambaraa

Mahada Namathi Wana Bambara

Lyrics

මහද නමැති වන බඹරා
ළංවී කණට ඔබේ
ආදරේ කියයි මෙසේ
හ්ම්... හ්ම්.. ම්ම්ම්ම්ම්

මලින් මලට ඉගිලිලා - රොන් උරන්නේ නෑ මෙමා
ඉගිල එන්නේ ඔයා ලඟටනේ
කටු අත්තක හැංගිලා - අයින් වෙන්නේ ඇයි ඔයා
රෝස මලට පමණි ආදරේ
රස මියුරූ සැන්දෑවේ - ආදරේ කියයි මෙසේ
හ්ම්... හ්ම්.. ම්ම්ම්ම්ම්

සිඟිති ඔබට වෙහෙස දී - හිරු නැගෙන්නෙ පළමුවෙන්
ජීවන රස මිහිර විඳගමූ
හෙටක්‌ නොමැති අප ලොවේ - අද පමණයි හමුවුණෙ
ඉතින් මොකද තව ලතැවෙන්නේ
රස මියුරූ සැන්දෑවේ - ආදරේ කියයි මෙසේ
හ්ම්... හ්ම්.. ම්ම්ම්ම්ම්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.