මහ වැස්සmaha waessa

Maha Wassa

Music:
ප්‍රදීප් රංගනpradhiip rangana
Lyrics:
ප්‍රදීප් රංගනpradhiip rangana

Lyrics

මහ වැස්ස වැටුනත් නෑ සීත දෙන්නේ 
නාඩා නිදා ගන්න නංගී
මහ වැස්ස වැටුනත් නෑ සීත දෙන්නේ 
නාඩා නිදා ගන්න දෝණි 
දිව රෑ මුළුල්ලේ තුරුලේම උන්නත් 
මදිවී දො මාගේ සෙනෙහේ 
හද ගින්න උහුලන්න බෑනේ 
කවදාද ඔබ එන්නෙ අම්මේ 

තනිවූ වලාවක් පාවීය අහසේ 
අසමින් තෙපුල් මව් සෙනෙහේ 
දුටුවා ඔබේ රූ බොඳ හීන අතරින් 
සැනසූ විඩාවූ නිමේශේ 
සඳ ගිලුනු යාමේ මේ අඳුරු කුටියේ 
දැල්වූ පහන් ඔබේ සෙනෙහේ 
හද ගින්න උහුලන්න බෑනේ 
කවදාද ඔබ එන්නෙ අම්මේ 

දුක් කඳුළු සයුරේ උදුරැල්ල අතරින් 
පදවා රුවල් අහිමි නෞකා 
දිරි පවුරු බිඳෙනා සොයනා ඇසිල්ලේ 
සඳ ආයේ පායන්නේ කවදා 
වියලී දෙපාවන් තෙමනා දයාවෙන් 
වස්සන්න ඈ රුවට වර්ෂා 
(හද ගින්න උහුලන්න බෑනේ 
කවදාද ඔබ එන්නෙ අම්මේ)...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.