මහ සයුරේ රැළි ‍ගොඩට ගලනවාmaha sayuree raeli godata galanawaa

Maha Sayure Rali

Lyrics

මහ සයුරේ රැළි  ‍ගොඩට ගලනවා
හමන සුළං සිසිල ගෙනෙනවා
මල් සුවද සොයා බඹරු ඇදෙනවා
සිත ඔබහට ආදරේ වෙනවා
එය පුදුමයක් නොවේ අන්ධයිලු ආදරේ
දැන දැන සිත වැරදිකරනවා..//

එළිය සිසිල වාගේ
ලස්සන සිනහව ඔබගේ
දැක්කම සිත මුරණ්ඩුවෙනවා
දුර තරු ගනින්න බැහැනේ
ඔබ අන් හදකට හිමිනේ
සිත හෙමිහිට කඳුළු සලනවා

මහ සයුරේ රැළි.....

මල් නටුවේ කටු ඇත්නම්
ඝනදුරු රැය රුදුරුයි නම්
සිතේ පැතුම් ඉටු නොමවෙයි නම්
ඔබෙ ආදරේ මට නැතිනම්
එය පුදුමයක් නොවේ නම්
කඳුළින් සුභ පතමි මං

මහ සයුරේ රැළි.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.