මහ පිරිත වී නුඹmaha piritha wii numba

Maha Piritha Wi Numba

Lyrics

මහ පිරිත වී නුඹ
ඇසෙන නෑසෙන දුරින්
මට සංසාර අරණේ
කෙළවරක හිඳ මුමුණනා
මහ පිරිත වී
ඇසෙන නෑසෙන දුරින්

නෞකාව දියබත්ව ගිය පසු
රුවල් අතුරා කුමකට ද සොඳුරි
ජීවිතයේ රුදු රළ පතරේ
පහස විඳ සැනසෙනු විනා
තවම මගේ හිත ගොඩබිමට දුරිනි

මහ පිරිත වී 
ඇසෙන නැසෙන දුරින්

කෞමදිය උදෑසන පෙති හල
සඳක සෙනෙහස ඉහිරුනි ද සොඳුරි
ජීවිතයේ සොඳුරුම රැයෙක
අහිමි පෙම් සුව ඉවසනා
තවම මගෙ හිත නුඹේ පුසුඹ මිහිර

මහ පිරිත වී
ඇසෙන නෑසෙන දුරින් 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.