මහ මුහුදයි (අප්පච්චි)maha muhudhayi (appachchi)

Maha Muhudai (Appachchi)

Music:
සමන් ඉන්දිකsaman indhika
Lyrics:
ප්‍රසන්න කුමාර ධම්මලගේprasanna kumaara dhhammalagee

Lyrics

මහ මුහුදයි එන සුළඟයි අදටත් රළු නොම වේවා 
බුදු සරණයි දෙවි පිහිටයි අහසත් නිහඬම වේවා 
බැරිකම ලෙඩ දුක හංගා අපි බඩගින්නේ හින්දා 
අප්පච්චි පුරුදු ගමනට අදත් ඔරුව දියත් කළා 

දුප්පත්කම අපේ ඉරණම පහදන්නක්ලු 
පොහොසත්කම මහන්සියේ ප්‍රතිඵලයක්ලු 
අප්පච්චිට නිකන් ඉන්න හිත දෙන්නෑලු 
එදත් එහෙම කියලා ගියේ ගෙනෙන්න මාළු 

කාටත් හිරි හැරයක් නැති අය වටිනවලු
හැම දෙවියන් ඒ අය හැමවිට රකිනවලු 
අප්පච්චිට අපි රකින්න තව බැරි නැහැලු 
අදත් එහෙම කියලා ගියේ සොයන්න මාළු 

 මහ මුහුදයි...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.