මහ කරුනා ගුණ පිරුණු සමින්ඳේmaha karunaa guna pirunu saminndee

Maha Karuna Guna Pirunu Saminde

Album
Roshan Martinus

Lyrics

                     මහ  කරුනා  ගුණ  පිරුණු  සමින්ඳේ  		
                      අතැබුල සේ  ලොව  දුටුව   සමින්ඳේ  
                      මා  හද  පියුමේ  බැති  රොන්  අතුරා  
                      නමදිමි  හිමියනි  ඔබෙ  සිරිපා - 
                      නමදිමි  හිමියනි  ඔබෙ  සිරිපා   
     Inter---------------------------------------------------------------------------- 

                              පරතෙර  නොපෙනෙන  සසර  දනව්වේ - 
                              පාරමි  දම්  පුරමින්   සැරි  සැරුවේ  
                              අප  වෙනුවෙනි  මහ  බව  දුක  වින්ඳේ - 
                              වෙසෙඟදි  උත්තම  බුදු  බව  ලැබුවේ  
                     සිරි  සදහම්  දෙසු  සුගත   සමින්ඳේ - 
                     රහසින්වත්  පවු   නොකළ  සමින්ඳේ 
 
                     මහ  කරුනා  ගුණ  පිරුණු  -------------/ 
     Inter-------------------------------------------------------------------------- 

                              සිව් සස්  සිය  නුවණින්  හිමි  දුට්වේ - 
                              බෝ මැඩ   දස  මර සෙන්  පැරදුයේ  
                              විසිතුරු  දම්  කඳ  ලොවට  බෙදුයේ - 
                              සම්බුදු   දහමයි   ලොව   සැනසුයේ   
                     අසමින්  හිමි  දෙසු  දහම්  අමා මී 
                     පංකජ  සිරි  පද   පත්ම  නමා මී   

                     මහ  කරුනා  ගුණ  පිරුණු  -------------/   

---------------------------------------------------------------------------------------------------
                                    ගායනය -  රොෂාන් මාටිනස් 
                                    පද රචනය - සමීර ජයවර්ධන සහා රොෂාන් මාටිනස් 
                                    සංගීතය - රොෂාන් මාටිනස්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.