මගේනේmageenee

Magene

Music:
මංජුල බණ්ඩාරmanjula bandaara
Lyrics:
කසුන් මහේන්ද්‍ර හීනටිගලkasun maheendhra hiinatigala

Lyrics

ඕ මේ රූ කාගේදෝ සුරඟන දෑසක්දෝ
හීනෙන් ආවදෝ හැබැහින්මදෝ
හුස්මට සම වීදෝ දෙතොලේ පිරුණාදෝ
මාගේ හදගැස්ම නුඹ මාගේමදෝ
(ඕ හිනැහෙන්න ළංවෙන්න අත් අල්ලගෙන ඉන්න
ආදරේ මගේනේ......//)
ජීවිතේ පාර කී තාරුකා ඇස් දෙකේ
වැයෙනා ආදරේ මගේනේ......

ඕ සිහිනිඟ නැලවෙද්දී සීතල මල් වැස්සේ 
සිතුවිලි රැලි සයුරේ සසලැන්නෙමි
සියුමැලි කන්පෙත්තේ සතපා තොල්පෙත්ත
සියොළඟ හැම රෑම කවි අතුරමි
(ඕ හිනැහෙන්න ළංවෙන්න අත් අල්ලගෙන ඉන්න
ආදරේ මගේනේ......//)
ජීවිතේ පාර කී තාරුකා ඇස් දෙකේ
වැයෙනා ආදරේ මගේනේ......

(ඔය නුදැසිනකම් කාගේදෝ
පෙම් හැඟුම් දැන් කාටදෝ 
මේ වසන්තේ කාගේදෝ
මගේනේ.....//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.