මගෙම වෙලාmagema welaa

Magema Wela

Music:
චන්දන වල්පොලchandhana walpola
Lyrics:
මලිති මධාරාmalithi madhhaaraa

Lyrics

මගෙම වෙලා ළඟ හිටිය ඔයා 
මා හැර දමා ගියා
හමුවෙන්න බෑ දැන් ආයේ නම් 
ඔබ ඔහුගේ තුරුලට වෙලා 
මා තනි කළා ඔයා.....

පාළු වෙලා ලොවම සදා ඔබ නැතිදා අඳුරු වෙලා
මට අදහන්නත් බෑ ඔබ ගියා යළි එන්නේ නෑ කියා
ඔබ දන්නේ නෑ මගේ ආදරේ හිමි වුණා වේදනා.....

මගෙම වෙලා......

දෑස පුරා කඳුළු දරා මම හැඬුවා ලොවට හොරා
මට පවසන්නත් නෑ ළඟ ඔයා තනිවෙන්න බෑ කියා
සිත කෑ ගසා ඔබ ඉල්ලුවා ඔබ මගෙමයි කියා......

මගෙම වෙලා......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.