Lyrics
මගේම නෙතු යුග අසරණ මා ඇයි
මේ ලෙස රවටන්නේ
මගේ සවන් යුග තනිවූ මා සිත
ඇයිදෝ රිදවන්නේ //
යන එන මාවත ගැවසෙන රූ මැද
ඇයගේ රුවම මවා
මා රවටා හිනැහෙන්නට තරමට
නෙත් යුග කුරිරු වෙලා
මගේම නෙතු යුග .....
නිසසල හැමවිට සිහිනෙක විලසට
ඇයගේ හඩම නගා
මා රටා සැනසෙන්නට තරමට
දෙසවන් නපුරු වෙලා