මාගේ වීmaagee wii

Mage Wee

Music:
සමීර වීරසිංහsamiira wiirasinha
Lyrics:
මිලත්තැවේ සුගත් හිමිmilaththaewee sugath himi

Lyrics

මාගේ වී ළං වීලා හමුවුණා නෙතු පුරා
රිදුමක් වී ඔබමදෝ හැරගියේ දුක තියා
සුසුමක් වී ළං වීලා එනු සොයා යළි නොයා
ඔබ මාගේ හද පුරා පණ වෙලා උන් නිසා
ඔබ නිසා තනිවෙලා හද පවා දුක් වුණා
හද සුසුම් පෑරිලා නෙතු පවා බොඳ වුණා
ඔබ සදා වෙන් වෙලා හැරගියා මා දමා
ඔබ මගේ ජීවිතේ නැති කළා රවටලා.......

(මේ හිත පුරා මමමනේ පෙම් කෙරුවේ තව ළං වෙලා
ඔබ රැවටුවත් හිත මගේ නෑ වෛරයක් ඔබ කෙරේ.....//)
ඔබේ මතකේ පුරා මා දැවටිලා අද ඉන්නේ මං තනිවෙලා
නැතේ ඔබ මා සොයා යළි එන්නේ නම් හිත මගේ ගොළු වී ගියා
ඔබ නිසා තනිවෙලා හද පවා දුක් වුණා
හද සුසුම් පෑරිලා නෙතු පවා බොඳ වුණා.......

(මේ හද පුරා ඔබමනේ තව ඉන්නේ ළං වී සදා
ඔබ හැර ගියත් මේ භවේ ඔය දෑසමයි පතන්නේ......//)
ගතේ රුධිරේ පවා ඇත මුසුවෙලා මේ ආදරේ සෑමදා
ලැබූ දුක විඳවලා මේ ජීවිතේ ඔබේ සතුටමයි පතන්නේ.......

ඔබ නිසා තනිවෙලා හද පවා දුක් වුණා
හද සුසුම් පෑරිලා නෙතු පවා බොඳ වුණා
ඔබ සදා වෙන් වෙලා හැරගියා මා දමා
ඔබ මගේ ජීවිතේ නැති කළා රවටලා.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.