මගේ උණුහුම නැතිවෙලාmagee unuhuma naethiwelaa

Mage Unuhuma Nathi Wela

Lyrics:
රචිත වාකිෂ්ටrachitha waakishta

Lyrics

මගේ උණුහුම නැතිවෙලා
කොහේ හරි ඇති හැංගිලා
දුක හිතෙන ඔය සුසුම අරන් යන්නම්
නොහදුනනසේ වෙන්වෙලා //

හිතේ සෙනෙහස නැවතිලා
නුඹේ ලඟ ඇති ගුලිවෙලා
මට රිදෙන ඔය කඳුළ ඇහිද ගන්නම්
නොහැගෙනෙනසේ ලංවෙලා //

තනිකම ඇති තනිවෙලා
රිදෙන හිත රවටමින්
කඳුළක් බර වැඩියි
අදහන්නත් බැරිතරම්

මගේ උණුහුම ....
හිතේ සෙනෙහස ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.