මගේ තනිකම (සේයා තේමා ගීතය)magee thanikama (seeyaa theemaa giithaya)

Mage Thanikama (Seya Theme Song)

Music:
නිමේෂ් කුලසිංහnimeesh kulasinha
Lyrics:
සමන් එදිරිමුණිsaman edhirimuni

Lyrics

(මගේ තනිකම මට වතාවක්
කියයි මා නොඇසූ කතාවක්...//)
අපේ ආදරේ කවමදාවත් පටන් ගන්නේ නෑ
ඔබ මගේ හිත ලඟින් උන්නත් මගේ වෙන්නේ නෑ...

පැටලෙනා තරු ඇස් අගින්
මුමුනනා දෑ හොර හොරෙන්
කවමදාවත් වචනයෙන්වත්
ඔයා කීවේනෑ ඔයා කීවේනෑ 
අපේ ආදරේ කවමදාවත් පටන් ගන්නේ නෑ
ඔබ මගේ හිත ලඟින් උන්නත් මගේ වෙන්නේ නෑ...

පපු තුරේ දැවටී මගේ මැණික 
නුඹ හීනය වගේ
මැවි මැවී බොද උනත් කිසිදා 
(එපා වෙන්නේ නෑ..//)
අපේ ආදරේ කවමදාවත් පටන් ගන්නේ නෑ
ඔබ මගේ හිත ලඟින් උන්නත් මගේ වෙන්නේ නෑ...

මගේ තනිකම මට වතාවක්
කියයි මා නොඇසූ කතාවක්...


Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.