Lyrics
මගේ සිත් පුරා අහසේ පායා
සඳ කිරණ සේ දිස්නේ දීලා
මා ලොවට ඔබ ඇවිල්ලා සුර කුමරියේ
මට සිත්පුරා ආලේ දීලා
ඔබේ පෙමින් මං දැන් වෙලීලා
මගේ ලොවේ ඔබ පායලා හිරු කුමරුණේ
ඔබ නැති මගේ ලෝකේ සඳ නැති අහස වගේ
බැසයන්නෙපා වෙන්වෙන්නෙපා සුර කුමරියේ
බැස යන්නේ නෑ වෙන් වෙන්නේ නෑ හිරු කුමරුණේ
මගේ සිත් පුරා අහසේ පායා
සඳ කිරණ සේ දිස්නේ දීලා
මා ලොවට ඔබ ඇවිල්ලා සුර කුමරියේ
ඔබ වේ මගේ සිහිනේ මගේ හද සන්තානේ
ගිලිහෙන්නෙපා තනිවෙන්නෙපා හිරු කුමරුණේ
ගිලිහෙන්නේ නෑ වෙන් වෙන්නේ නෑ සුර කුමරියේ
මගේ සිත් පුරා ....//