Lyrics
මගේ සඳ ඔබ සිතූ සඳ කිම
වළා රොදකින් සැඟවිලා
සරා සඳ ඔබ කියා සිතුවද
අමාවක දී දිය වෙලා //
නුඹේ කවි මම එදා කවු නුඹ
ලියැවුනේ නැති කවි වෙලා
මගේ හිමි සඳ කියන් කිම අද
අහිමි හිමි වී සැඟවිලා
තනි රකින්නට තාරුකාවක්
මගේ තුරුලේ සඟවලා
තවත් කඳකට තනි රකී නුඹ
එසඳ ළඟ තරුවක් වෙලා
මගේ සඳ ඔබ ....