මගේ රත්තරන් හෙලේනා (දෑසමන් මලක් වගෙයි)magee raththaran heleenaa (dhaesaman malak wageyi)

Mage Raththaran Helena (Desaman Malak Wagei)

Lyrics

(දෑසමන් මලක් වගෙයි ප්‍රියංකරයි සුකෝමලයි...//)
සුරංගනාවියක් වගෙයි අහිංසකයි රටක් වටියි 
කවුද...... (මගේ රත්තරන් හෙලේනා......////)

රාජ භෝජන නැත මට දෙන්නට 
සිහින් සිනිඳු සළු නැත මට දෙනන්ට 
ගේ දොර වතුපිටි නැත ගරු සරුවට 
යාන්තමට ඇත දිවි රැකගන්නට 
කවුද...... (මගේ රත්තරන් හෙලේනා......////)

දෑසමන් මලක්......

පසු කරමින් මහ කඳුවැටි ඕවිටි 
පාලු සොහොන් පිටි රබර් වතු බඩවැටි 
ගල් මුල් වල පය පැටලී වැටි වැටි 
මතකයි හඳපානේ කැන්දන් ආ හැටි 
කවුද...... (මගේ රත්තරන් හෙලේනා......////)

දෑසමන් මලක්......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.