මගේ රත්තරංmagee raththaran

Mage Raththaran

Music:
බිලී ප්‍රනාන්දුbilii pranaandhu
Lyrics:
නන්දන වික්‍රමගේnandhana wikramagee

Lyrics

මේ නිල් අම්ඹරේ පෑයූ සඳ වගේ
ඔබමයි හිනැහුනේ ඔබමයි ළං වුණේ
රහසිං ළං වෙලා සිත මන්මත් කළා
මගේ රත්තරං

සිත බැඳිලා ඔබේ ආදරේ මා පැතූ
මගේමයි කිව්ව ඒ ආලේ ඇයි අන්සතු
ඔබ මගේ වෙන්නේ නැතුවාද යළි මින් මතු
මගේ රත්තරං

මේ නිල් අම්ඹරේ ....

ඔබ කොහේදෝ කියා සොයන මාගේ මේ නෙතු
බොඳවී යන්නේ නෑ කිසිදා සිත්තම් ගෙතූ 
අන්සතු වෙන්න දෙන්නෙත් නෑ මගෙමයි සිතූ
මගේ රත්තරං

මේ නිල් අම්ඹරේ ....

මේ නිල් අම්ඹරේ සඳ යළි සැඟවුණා
මා අඳුරේ තියා ඔබ හැංගී ගියා 
ඔබ නම් ළං වුණේ ඇයි දැන් වෙන් වුණේ
මගේ රත්තරං .. මගේ රත්තරං .. මගේ රත්තරං ..

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.