Lyrics
මගෙ පුතු හරි හපනා හෙට කොළඹට යනවා
පනම් තුනක් ලබලා මටත් එකක් දෙනවා
මගෙ පුතු හරි හපනා
මගෙ පුතු හරි හපනා හෙට කොළඹට යනවා
මගෙ උකුළු යහනේ අද සුව නැති හින්දා
ඒ නැලවිලි ගීයෙන් පුතු නලවන්නට බැහැ
වැඩිලා දැලි රැවුලු හුරතලවේ කුළුණු
කටහඬ මොලකැටි නෑ තුරුණුය මා පුතනු
මගෙ පුතු හරි හපනා හෙට කොළඹට යනවා
ආශාවේ නුහුරු මා පුතු රවටයිදෝ
සවන් පුදනු පුතුනේ ඒ ගී නැත මියුරු
පෙර දින අද ඔබගේ පියතුම නැතෙයි කියා
වෙනස් නොවනු පුතුනේ ඔබේ හද වෙතෙයි පියා
මගෙ පුතු හරි හපනා හෙට කොළඹට යනවා
පනම් තුනක් ලබලා මටත් එකක් දෙනවා
මගෙ පුතු හරි හපනා
මගෙ පුතු හරි හපනා හෙට කොළඹට යනවා