මගේ පුතා රජා කියාmagee puthaa rajaa kiyaa

Mage Putha Raja Kiya

Lyrics

මගේ පුතා රජා කියා ඔබේ කර උඩ තියා
යන යන තැන අරන් ගියා මගේ සිහසුන දරා
ඔබේ කර උඩ මම ගිය තැන් පසු කරමින් මෙදා
යලි නොඑනා ගමන ගියා මගේ කර උඩ ඔයා.......
 
තාත්තේ ඔබට ඇහෙනවාද පුතාගේ හඬ තාත්තේ
තාත්තේ පුතාගේ හඬ ඇහෙන මානේ ඉන්ඩ තාත්තේ....

සැප සම්පත් වලින් මාව පුරවලා
ඔබේ කිරුල මට දීලා ඔබ ගියා
ඔබ නැති ලොව මට රජකම 
මොටද කියා සිතෙනා විට
දරන්ඩ බැරි හිතේ දුකට කෑගහලා ඇඬුනා.....

තාත්තේ......

ළඟින් ඉද්දි ඔබේ අගය දැනුනේ නෑ
ඔබේ ඔවදන් පිළිපදින්න හිතුනේ නෑ
ඔබ කළ කී දේවල් වල අගය හිතට දැනෙනා විට
දරන්න බැරි හිතේ දුකට කෑගහලා ඇඬුනා.....

තාත්තේ......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.