මගේ පුංචි කුමාරිmagee punchi kumaari

Mage Punchi Kumari

Lyrics

මගේ පුංචි කුමාරි පමා ඇයිද සැදැවේ
ආල හැගුම් මෝරන යාමේ
පාළුවේ ආල හැගුම් මෝරන යාමේ...//

සිතිජ ඉමේ තනි වෙලා හිරු අවරට යයි ගලා
තව මොහොතින් අදුර ගලාවී
ආදර සිත් ආදරයෙන් එක්ව බැදෙන යාමේ
මා තනිවී සිහින මවාවී

මගේ පුංචි කුමාරි .../

රැය එලිවී දින සතකින් යලි ශනිදා ඒවී
කල්ප සතක් මට දැනුනාවේ
කල්ප ගෙවී දින සතකින් යලි ශනිදා ඒවී
ඔබ නොලසා ඉන්න දයාවී

මගේ පුංචි කුමාරි .../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.