මගේ පොඩි දුවmagee podi dhuwa

Mage Podi Duwa

Album
Ruwan Tharaka

Lyrics

මගේ පොඩි දුව හොඳ කීකරු ළමයෙක්
ආඩම්බර හිත කීවා දවසක්
පොඩි දුව මගේ හොඳ කඩිසර දරුවෙක්
ආඩම්බර නෙත් දුටුවා දවසක්.......

දිවයන කාලය ගෙන ආ වෙනසින්
එකටෙක කීවේ ඇයි රිදවා සිත්
කීව කතා බස් මතකයි තවමත්
අප සිත් සනහා කිරි හුරතලයෙන්........

මගේ පොඩි දුව.......

ගෙවා දමන්නට ඇත දිගු ගමනක්
ජයගනු බෑ එය හිතුවක්කාරෙන්
පිවිතුරු හැඟුමින් යහගුණ දහමින්
පිසලනු කඳුළැල් සනසා දෙගුරුන්......

මගේ පොඩි දුව.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.