මාගෙ මතකේ (මිනිසුන් අතර මිනිසෙක් චිත්‍රපටියෙන්)maage mathakee (minisun athara minisek chithrapatiyen)

Mage Mathake

Music:
J A දොඩංවලj a dhodanwala
Lyrics:
ලීලානන්ද ගුණවර්ධනliilaanandha gunawardhhana

Lyrics

(මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ
සුහද මා ජීවිතේ ඔබ සතුයි
ඔබේ සුවඳ මනමත් කරයි
ඔබ මා හදේ සැරිසරයි)...//

ඈත එපිටින් ඔබේ ඇසෙන පෙම් ගීතයයි
සීත සඳපානෙ කිරි සයුර කලතා සොයයි
මහද කවුළු දොරින් එන්න සුහදේ ඔයා
ජීවිතේ ආදරෙන් ඉන්න මට ළංවෙලා

(මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ
සුහද මා ජීවිතේ ඔබ සතුයි
ඔබේ සුවඳ මනමත් කරයි
ඔබ මා හදේ සැරිසරයි)...//

සීත සුළඟක් හමා පැතුව පැතුමන් ගෙනා
ඈත භවයේ පටන් පැතුම ලෙස ළං කලා
ඕලු මානෙල් පිපී සුවඳ පිණි හා වෙළී
සොඳුර ඔය මුහුණ මිහිදුම් සිහිලෙන් වැසී

(මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ
සුහද මා ජීවිතේ ඔබ සතුයි
ඔබේ සුවඳ මනමත් කරයි
ඔබ මා හදේ සැරිසරයි)...//

ඔබ මා හදේ සැරිසරයි...///

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.