මගෙ මැණික් අප්සරාවීmage maenik apsaraawii

Mage Manik Apsaravi

Lyrics

මගෙ මැණික් අප්සරාවී
විඳවන්න පුලුවන්ද මට මේ තරම්
හිත හැඩුම් නෑ නෙත නින්ද නෑ
සිහිනෙන් ඔබ මට පෙනෙනවා
මගෙ මැණික් අප්සරාවී //

තාරකා ඇස් ඇහිදිමින්
ඔබ සොයනවා මග ගෙවනවා
ඔබේ දෙපාමුල පුදදිදී
සුවඳ මල් තව පිපෙනවා
විඳගන්න මට මගේ ජීවිතේ
කියා දෙනවද ආදරේ

මගෙ මැණික් ....

නෙලා ගන්නට බැරි දුරින්
ඔබ හිනැහුනා මම වැලපුනා
ඔබේ කඳුළු බිඳුවට පින්දිදී මම
මිරිඟු දිය බොනවා
විඳගන්න මට මගේ ජීවිතේ
කියා දෙනවද ආදරේ

මගෙ මැණික් ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.