මගේ ලොවට ඔබ සුළඟ වගේ ඇවිදින්magee lowata oba sulanga wagee aewidhin

Mage Lowata Oba Sulaga Wage Awidin

Lyrics:
ලක්ෂ්මන් මල්ලවාරච්චිlakshman mallawaarachchi

Lyrics

මගේ ලොවට ඔබ සුළඟ වගේ ඇවිදින් 
කඳුළු තිළිණ කර නොකියම යන්න ගිහින් //
නොකියම යන්න ගිහින්

සවනට ළංවී හෙමිහිට කොඳුරා
ඔබේ සුරත මගෙ නළලේ තියා //
පැතුම් පැතූ හැටි සිහිවෙයි නිරතුරු
අපි එක සෙවණක හිදිමු කියා

මගේ ලොවට ....

සෙනෙහෙ බිඳුණු සිත සුවපත් කෙරුමට
ලොවේ නොමැත කිසි තැනක ඔසු //
ඔබේ නමින් නෙත පුරා හඬනු මිස 
පෙම් නොකරමි මම මෙයින් මතු 

මගේ ලොවට ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.