මගේ ළමැද සුව යහනක්magee lamaedha suwa yahanak

Mage Lamada Suwa Yahanak

Music:
ස්ටැන්ලි පීරිස්staenli piiris
Lyrics:
ඩොනල්ඩ් අයිවන්donald ayiwan

Lyrics

(මගේ ළමැද සුව යහනක් ඔබට තනා දෙන්න කියා
භවෙන් භවේ පෙරුම් පුරා බලා ඉන්නවා
ඒ යහනේ ඔබ සතපා බිඟු ගී වැල් මුමුණනවා
සොඳුරු ලොවක අප දෙදෙනා හෙට තනි වෙනවා...//)

සිහින ගෙනෙන කුමාරියේ ඇගේ ලොවට එන්න එපා
ඇය රවටා කැඳවා ගෙන නොයන් කුමරියේ

මගේ ළමැද සුව යහනක්.... 

අපට උරුම අපේ ලොවේ හද සොම්නස් සතුට දරා
මගේ ළඟින් සසර පුරා ඉන්න වාසනා

මගේ ළමැද සුව යහනක්.... 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.