මගෙ කුඹුරේmage kumburee

Mage Kumbure

Music:
ක්ලැරන්ස් විජේවර්ධනklaerans wijeewardhhana
Lyrics:
ක්ලැරන්ස් විජේවර්ධනklaerans wijeewardhhana

Lyrics

මගෙ කුඹුරේ ඉනි වැට බිඳලා - ළපටි ගොයම් පැල කා දමලා
රැක සිටියෙමි වෙහෙසක් නොබලා - අල්ලා ගෙන ආවෙමි බැඳලා

කාගෙද ගොන් වස්සා - මගෙ කුඹුරට බැස්සා
හොඳ ගානක් උස්සා - පවරා දෙමි වස්සා

කාගෙද මේ හොර වසු පැටියා - සොයා කෙනෙක් එනතුරු සිටියා
මගේ අලාභය මේ සැටියා - අය කර ගෙන දෙමි හොර කොටියා

කාගෙද ගොන් වස්සා - මගෙ කුඹුරට බැස්සා
හොඳ ගානක් උස්සා - පවරා දෙමි වස්සා

සවස් වෙලා අපෙ ගේ පැත්තේ - කවුද බොලේ එනවා ඇත්තේ
වැටේ කඩුල්ලෙන් අර පැත්තේ - හදුණන මුහුණකි මම දැක්කේ

කාගෙද ගොන් වස්සා - මගෙ කුඹුරට බැස්සා
හොඳ ගානක් උස්සා - පවරා දෙමි වස්සා

සිරිමල් අයියට පැණි වරකා - ගෙන ආවෙමි ගෙදරින් පොරකා
සිරිමල් අයියේ මට සළකා - දෙනවද මට මගෙ කළු හරකා

දුන්නට පැණි වරකා - දෙන්නමි කළු හරකා
මා ගැන තව සලකා - දෙනවද බහ මැණිකා
දෙනවද බහ මැණිකා
මට දෙනවද බහ මැණිකා
මට දෙනවද බහ මැණිකා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.