Lyrics
(මගේ කෙල්ලට කොල්ලෙක් හොයන්න යනවා නැන්දම්මා
මගේ කෙල්ල කියනවා දිවි නහගන්නවමයි කියලා
සංගීතේ මට නැතුවම බෑ එයාවත් මට නැතුව බෑ
අනේ මාමේ ඔයාවත් නැන්දට තේරුම් කරන්නකෝ
මාමණ්ඩි ඔයාවත් නැන්දට තේරුම් කරන්නකෝ...//)
ඇගේ අම්මා හොයනවා ඩොක්ටර් කෙනෙක්
තාත්තට ඕනේලු ප්‍රොක්ටර් කෙනෙක්
අපේ අම්මා හොයනවා ටීචර් කෙනෙක්
(ඇයි දෙක වෙද්දී ගෙදරනේ)
එයාට මං වගේ ආදරේ කරන කෙනෙක්
කොහෙවත් නෑනේ නැන්දේ ඉතින්
පණ වගේ ඉන්නම් එයා ළඟින්
අතේ සතේ නැතත් හිතේ
නුඹේ දුවයි තනි මැකුවේ
මොණර කොලේටද දුව දෙන්නේ
ආදරේ ඇයිදෝ විකුණන්නේ
මගේ කෙල්ලට කොල්ලෙක් හොයන්න යනවා නැන්දම්මා
මගේ කෙල්ල කියනවා දිවි නහගන්නවමයි කියලා
සංගීතෙන් මම දියුණු වෙලා
මමද ඩොක්ටලාද ලොකු කියලා
පෙන්වන්නම් මියුසික් හදලා
එයාට මං වගේ ආදරේ කරන කෙනෙක්
කොහෙවත් නෑනේ නැන්දේ ඉතින්
පණ වගේ ඉන්නම් එයා ළඟින්
මගේ කෙල්ලට කොල්ලෙක්....