මගේ කඳුලින් නිමා වූmagee kandulin nimaa wuu

Mage Kandulin Nimawu

Lyrics:
ආචාර්ය අජන්තා රණසිංහaachaarya ajanthaa ranasinha

Lyrics

මගේ කඳුලින් නිමා වූ මාවතේ මාවතේ
ඔහු සමගින් ඔබ මන්දහාසින් යන ගමනේ
මගේ යුග නෙතු ඔබට හිරු සඳු වේවා......

වාසනාවන් අහිමි පෙම්වතියේ
නිමල පෙම් චේතනාවෙන් 
නිහඬ වු වේදනාවෙන්
අහිංසක මා හෙලන සුසුම්
ඔබට පවනක් වේවා......

මගේ කඳුලින්......

පාළු කුටියේ මා පරජිත වී
නිදා නොනිදා ඉඳින රෑ 
සිහිනයෙන් හෝ පෙනේවා
ඔබේ සෙනෙහේ නිවුනු පහන් 
නොනිමි පහනක් වීලා......

මගේ කඳුලින්......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.