මගේ ජීවිතේ පුරා එකම සිතින් ප්‍රාර්ථනාmagee jiiwithee puraa ekama sithin praarthhanaa

Mage Jiwithe Pura

Lyrics

මගේ ජීවිතේ පුරා... එකම සිතින් ප් ‍රාර්ථනා...

මගේ ජීවිතේ පුරා...
එකම සිතින් ප් ‍රාර්ථනා...
කෙලෙස හෝ වේදනාවෝ
සඟවා තබා ගමි....
සඟවා තබා ගමි....

සඳ සෙවනේ අපි තරු ගැනලා
ඒ තරමට පැතුමන් පුරලා..//
කවදාවත් නෑ තරහ වෙලා
අද නෑ..... අද නෑ තාරකාවී..
අඳුරෙන් වැසී ගියේ..
අඳුරෙන් වැසී ගියේ..

මගේ ජීවිතේ පුරා....

සුදු වැලි යට අද සැතපීලා
ඝන අඳුරින් ලෝකය වැසිලා..//
ඉවසා ගන්නේ කෙලෙසද මා
යළි නෑ.......යළි නෑ ආයෙ එන්නේ..
වෙනදා වගේ සදා..
වෙනදා වගේ සදා..

මගේ ජීවිතේ පුරා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.