මගේ ජීවිතේmagee jiiwithee

Mage Jiwithe

Music:
අශාන් ප්‍රනාන්දුashaan pranaandhu
Lyrics:
නිසල් ප්‍රනාන්දුnisal pranaandhu

Lyrics

එක හිතින් මට ඔයා ආදරේ කෙරුවා නම්
ඉන්නවා අදත් සතුටින් කඳුළු නෑ මේතරම්
මේ හිතින් ඔබට වාගේ කාටවත් නෑ පෙම් කරන්නේ
මගේ හුස්මටත් ඔබ සම වූ නිසා
මගේ ජීවිතේ පවතින තුරා 
ඔබේ යහපතයි මා පතන්නේ සදා........

අමනාප වී ඔබ මා සැක කළත් වරදක් කළේ නෑ මෙමා
හදවත නැති කෙනෙක් වගේ ඔයා අතහැරලා යන්නට ගියා
මේ හිතින් ඔබට වාගේ කාටවත් නෑ පෙම් කරන්නේ
මගේ හුස්මටත් ඔබ සම වූ නිසා
(මගේ ජීවිතේ පවතින තුරා 
ඔබේ යහපතයි මා පතන්නේ සදා........//)

කවදාකවත් නොකරමි ශාප මං 
ඔබ ඉන්න සතුටින් සදා
සංසාරයේ ආයෙත් හමු වුණොත් 
මගේ වෙන්න නැවතත්ත ඔයා
මේ හිතින් ඔබට වාගේ කාටවත් නෑ පෙම් කරන්නේ
මගේ හුස්මටත් ඔබ සම වූ නිසා
(මගේ ජීවිතේ පවතින තුරා 
ඔබේ යහපතයි මා පතන්නේ සදා........//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.