Lyrics
මගේ ජීවිතේ ..
සතුට රැඳී තිබුනේ තව කෙනෙකුන්ගේ
නෙත් සඟලේ යැයි හසරැල්ලේ යැයි සිතුවේ නෑ
දැනුනේ නෑ ඔබ දකින තුරා
සුන්දරයි සිතු සියලුම දෙයට වඩා
සුන්දරයි ඔබ
අහිංසකයි කී හැමදේකටම වඩා
අහිංසකයි ඔබ
මටම හිමි වෙලා මා ළඟ ඉන්න සදා
මගේ ජීවිතේ ..../
අස්ථිරයි සිතු සියලු දෙයම බොරු වී
ඉස්තිරයි ඔබ
කවි සිතකයි කී මගේ සිත පාලු මැකී
හිනැහෙනවා ඔබ
මටම හිමි වෙලා මා ළඟ ඉන්න සදා
මගේ ජීවිතේ ..../