මගෙ ජීවිතේ කවියක්mage jiiwithee kawiyak

Mage Jeewithe Kathawak (Tharu malee Theme Song)

Lyrics

මගෙ ජීවිතේ කවියක් වගේ
නුඹේ ආදරේ පද වැල් උනේ
සඳ මැදියමේ තරුවක් වගේ
බැස යන්නෙපා අහසින් මගේ
තරු මලී.... තරු මලී....

සඳ පිනිදියේ සඟ්වා් තියා
තරු නෙත් වෙලින් එබිකම් කරා
සුවඳින් සුළං රැල්ලක පවා
සිතුවම් දිගේ නුඹ ළං වුනා
තරු මලී.... තරු මලී....

මීදුම් වලා තිර පට එලා
පිණි කඳුලකින් මල් පෙති වසා
සඳ රැස් වලින් මුව සරසලා
තව හිනැහිලා නුඹ ළං වුනා
තරු මලී.... තරු මලී....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.