Lyrics
මගෙ හුස්ම අරන් ඔබ දුරක ගියත් තරහ නෑ මා සදා
මට වඩා හොඳ කෙනෙක් ඔබට හමුවෙයි සිතා
මම හිඳින්නම් බලා ඔබෙන් ඈතට වෙලා
හොඳින් ඉන්නට කියා සුබ පැතුම් පතමි මා
සුබ පැතුම් පතමි මා...
මුණ ගැහෙන අය ඔබ කොහෙද අද අහනවිට හදවතට මගේ
දැනෙන දුක මට උහුලගන්නට පුරුදු නෑ තව ඔබට වගේ
කොතැන සිටියත් ඔහුගෙ සෙවණේ ඉන්න දිගුකල් ලොවේ
රැගෙන මගෙ ආදරේ...
පෙර දිනෙක අප ගත කෙරුව තැන මම නෙවෙයි අද හිනැහෙන්නේ
මට ලැබුණු තැන වෙන කෙනෙකු වෙත දෙන්න කොහොමද හිත හැදුණේ
කොතැන සිටියත් ඔහුගෙ සෙවණේ ඉන්න දිගුකල් ලොවේ
රැගෙන මගෙ ආදරේ...
මගෙ හුස්ම අරන් ඔබ දුරක ගියත් තරහ නෑ මා සදා
මට වඩා හොඳ කෙනෙක් ඔබට හමුවෙයි සිතා
මම හිඳින්නම් බලා ඔබෙන් ඈතට වෙලා
හොඳින් ඉන්නට කියා සුබ පැතුම් පතමි මා
සුබ පැතුම් පතමි මා...