මගේ සිතේmagee sithee

Mage Hithe

Lyrics

මගේ සිතේ නැගෙන සුසුම්
ඔබට දැනෙනවා නම්...
මල් පෙත්තක පැණි බිදුවක මිහිලද
ජනිත උනේ ඒ සුසුමේ මැයි...

ඔබේ සිතින් මා දකින්න 
ඔබට හැකි උනා නම්.....
ජිවිතේ සියළු අසිරි 
මට මෙන් දැනෙන බවත් නියතයි.....

නිල් තුරු අග මල් කෙමියක 
සුවඳ දැනෙනවා නම්...
විරහි හදවත් සහසක් 
නිවා විඳ දරන්නේ
ඒ සුවඳයි

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.