මගේ හිත පුරාmagee hitha puraa

Mage Hitha Pura

Lyrics:
මධුර දිල්ෂාන්madhhura dhilshaan

Lyrics

(තනිකම තියාන හිත යට රහසේ වසන්තයක් තව ගෙවිලා ගියා...//)
හිතක කොණේ ඔබ උන් තැන තනියට මතකය විතරක් ඉතිරි වෙල‍ා
මගේ හිත පුරා ළඟටම වෙලා ඉන්නවා ඔබ මගේ 
ජීවිතේ මගේ ආදරේ ඒ ඔබ තමා ඔබ දන්නවා.....

මාගේ දෑසේ තනිවුණු හීනේ ඔබේ රුව තාම අඳින්න ඇති
හීන නැතත් මගේ කළුවර අහසේ මතක අපේ හිත කොණක ඇති
සඳ මඬල පුරා මුළු ලොවට හොරා සිතුවමක් වෙලා ඉන්නම්
මගේ හිත පුරා ළඟටම වෙලා ඉන්නවා ඔබ මගේ 
ජීවිතේ මගේ ආදරේ ඒ ඔබ තමා ඔබ දන්නවා.....

හිතුමතේ තනිවීලා හීනය දිගේ ඔබේ වීලා
නිහඬ හිතට රහසේ ඇවිල්ලා අහිමි හීන අමුණා ගෙනල්ලා
හදගැස්ම වෙලා මුළු ලොවට හොරා පපු තුරට වෙලා ඉන්නම්
(මගේ හිත පුරා ළඟටම වෙලා ඉන්නවා ඔබ මගේ ළඟටම වෙලා
ජීවිතේ මගේ ආදරේ ඒ ඔබ තමා ඔබ දන්නවා.....//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.