Lyrics
මගේ හීන හිත ලඟ දඟකාරි
නෙතු මානයෙන් ආ හැඩකාරි
පෙම්වන්ත හිත් ඇති කටකාරි
මගේ හීන මැදුරේ හිමිකාරී //
සුන්දරයි ඔය රෝස තොල්පෙති
සිඹින්න ආසයි රත්තරන්
ඔබ පෙම්බරයි ඔබ උන්නු තැන
මට පාළු නෑ මගේ රත්තරන් //
පොඩ්ඩක් තුරුලට අරගෙන මං
දඟකාර ඔය නෙතු රතුවෙන තුරු
මගෙ කෝලං හිත ලඟ
හිරකර ගන්නද ආදරෙන්
කියවන කියවන හැමදේකම
මං ආස ඔබටම ඇයි මේ හැටි
මං දන්නේ නෑ ඒ ගැන කිසිවක් මගෙ රත්තරන්
එන එන මතකයෙ හැමතැනකම
ඔබ දිව යන හැටි මගෙ හිත අස්සෙම
මට ඉන්න බෑ තව එන්න හිතෙනවා රත්තරන් //
මගේ හීන හිත //